Malware

අද අපි කතා කරන්න යන්නේ Malware ගැන. Malware කියන්නේ මොකද්ද??? හොදයි මේ malware කියන්නේ Malicious software  එකක්. ඒ වගේම මේකට පුළුවන් අපේ Data වලට, Devices වලට හෝ අපිටත් Harmful දේවල් කරන්න. අපි හැමෝම වගේ අහල තියෙනවා  Virus, Trojans, Spyware ගැන. ඒවත් අයිති වෙන්නේ මේ කියන Malware වලටම තමයි. Malware definition එකක් පහලින් දාන්නම්. 

A program that is inserted into a System, usually covertly, with the intent of compromising the confidentiality, integrity, or availability of the victim' s data, applications, or operating system or otherwise annoying or disrupting the victim. 
හරි අපි දැන් බලමු මේ Malware Types කීපයක් ගැන.

1. Adware
    වෙනත් software එක්ක integrate වෙලා  තමයි මේක එන්නේ. අපි වැඩ කරද්දී කරදරකාරී විදියට Pop-ups එහෙම එනවා.ඒ වගේම browser එක Use කරද්දී අපිව වෙනත් sites වලට Redirect කරනවා වගේ වැඩත් මේ Adware හින්ද සිදුවෙනවා.

2.  Auto-Rooter 
    මේකෙදි hacker tool එක භාවිත කරලා වෙනත් hosts, remotely access කරන්න පුළුවන්. 

3. Spammer Programs 
    මේ වගේ program එකක් use කරන්නේ unwanted / spam e-mail යවන්න වගේ දේවල් වලට.

4. Spyware 
    මේක ගැන නම් ගොඩක් අය  දන්නවා ඇති. මේකෙන් කරන්නේ අපේ computer එකේ තියෙන information වෙනත් computer එකකට(to hacker) transmit කරන එක. මේ Malicious software අපේ Keystrokes, Network Traffic, Screen Data ගැන තමයි ගොඩක් වෙලාවට focus වෙන්නේ.

5. Key-logger
    අපේ Keystroke එක capture කරගන්න එක තමයි මේකෙනුත් කරන්නේ.

6. Logic-Bomb 
    මේ වර්ගයේ Malware බොහොම උදාසීන විදියට ඉන්නව. නමුත් එකේ Predefined Condition ඇතුලත් කරලා තිබෙන්නේ. ඒ Conditions met උන ගමන්ම උදාසීන විදියට හිටපු මේ malware එක ක්‍රියාත්මක වෙලා Malicious Activities පටන්ගන්නවා.

7. Macro Virus 
    Documents එක්ක Embedded වෙලා තමයි මේ වර්ගයේ attacks එන්නේ. අපි ඒ Document එක Open කලොත් / Edit කලොත් වගේ Event වලදී මේක Malicious Activities පටන්ගන්නවා.

8. Downloader 
    Malware Code එක අපේ Host එකට install වෙනවා. ඊට පස්සේ Large Malware Package එකක් අපේ Host එකට Download වෙනවා.

9. Trojan horse 
    මේ නම මේකට ලැබිල තියෙන්නේ නම් ග්‍රීක් යුද්ධයකදී ඔවුන් විසින් කරපු යුද උපක්‍රමයක් විදියට. (Troy ෆිල්ම් බලන්න 😉) . මේක Malicious software එක computer එකට එන්නේ අපිට useful විදියට. නමුත් ඇත්තටම මේකෙන් කරන්නේ Malicious functions.

10. Virus 
    මේ type එකේ malware ගැන නම් ගොඩක් අය  දන්නවා. මේවා ගොඩක් වෙලාවට Executable files (.exe files).Virus infect උනාම අපේ system එකේ අපි නොදැනුවත්වම execute වෙලා harmful activities කරනවා.(Eg : Shortcut virus)

11. Worm 
    මේ malware එක ව්‍යාප්ත වෙන්නේ network  එක හරහා. එක නිසා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා. මේ program එකට independent run වෙලා Software Vulnerabilities Exploit කිරීමේ හැකියාවක් තියෙනවා.

 අදට මන් කරන්න හිටියේ මේ ටික තමයි. පැහැදිලි නැත්තම් අහන්න. මේ දේවල් ගැන IT Professionals ල විතරක් නෙවෙයි අපි හැමෝම දැනගන්න ඕනේ. මොකද අපේ ආරක්ෂාව නිකන්ම නිකන් virus guard එකකට විතරක් නොදී ඉමු. ඕනෑතරම් Virus  තියෙනවා ඔය guard වලට අහුවෙන්නේ නැති. ගොඩක්ම malware attack කරන්නේ Windows වලට. ගොඩක් අය පහසුවට තමයි Windows භාවිත කරන්නේ. ඒ උනාට Linux try කරලා බලන්න. ඔයාගේ වැඩ ඉතා පහසු වෙයි. Security පැත්තත් ඉතාමත් ඉහලින් තමයි තියෙන්නේ. එහෙනම් ඉක්මනට තවත් ලිපියකින් හම්බෙමු. මතක තියාගන්න 
Microsoft Gives you Windows... But Linux gives you the whole House  👊👊 

Comments